සාධාරණ ඡන්දයකට ප්‍රතිඥා


බස්නාහිර හා දකුණ පළාත් සභා ඡන්ද ගැන දේශපාලන  පක්‍ෂවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා අද සන්ධ්‍යාවේ සාකච්ඡාවක් පැවැත්විණ.

පොලිස්පති එන්.කේ. ඉලංකකෝන් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස්  නිලධරයෝ ”පැෆරල් ආයතනය ඇතුළු මැතිවරණ නිරීක්‍ෂණ නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්වූහ.
සාධාරණ හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියළු පහසුකම් සලසන බව කී කොමසාරිස්  දේශපාලන පක්‍ෂවලින්ද  ඉල්ලා ඇත්තේ නීති කඩ නොකරන ලෙස  තම පක්‍ෂ අපේක්‍ෂකයින් ඇතුළු සාමාජිකයින්ට දැනුම් දෙන ලෙසයි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයෝ සහභාගී වූහ.