
(නිමන්ති රණසිංහ සහ අමදෝරු අමරජීව)
පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් මෝටර් රථයක් කන්තලේ දුම්රිය ගේට්ටුව අසල දී අනතුරකට ලක්වීමෙන් එහි ගමන් කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු අද (12) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුරින් තවත් නිලධාරීන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.
කන්තලේ මූලස්ථාන පොලිසියේ ඊයේ (11) රාත්‍රී තිබූ සාදයකට සහභාගි වීමෙන් පසු නැවත යමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් මෙලෙස අනතුරට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
(ඡායාරූප: අමදෝරු අමරජීව)




