(පාලිත නානායක්කාර )
ඇදිරි නීතිය පැවතිය දී හල්දුම්මුල්ල මාල දොල ගංගාවක් අසළ බීමත්ව සාදයක් පැවැත්වූ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල වෑඑළිය පදිංචිව සිටී මුත්තයියා විජය කුමාර නොහොත් රාජා නමැති හතලිස් දෙක හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කියයි .
අට දෙනෙකු පමණ එක් වී මාලදොල ගංගාවක් අසළ ඊයේ (27) රාත්‍රී බීමත්ව සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වූ පහරදීමකින් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති බවට තොරතුරු අනාවරණය වන බව හල්දුම්මුල්ල පොලීසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැඟවී ඇති පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය කියයි .
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

