සාටකෙත් එක්ක අග්‍රහාරය බෙදයි


ඡන්ද සමයේ ශ්‍රී ලංකා රක්ෂණ භාරය මගින් නිකුත් කරන අග්‍රහාර හැඳුනුම්පත් පොළොන්නරුව ආදී පැතිවල බෙදන බව ලංකා ගුරු සංගමය කියයි.

එම හැඳුනුම්පත රතු පැහැ සාටකය සහිත නිල් පැහැයෙන් යුතු එකකි. එහි යට කොටසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නෙළුම් මල් සලකුණ ඇත.

ආණ්ඩු මාරු වී තිබිය දීත් සාටකය සහිත හැඳුනුම්පත් බෙදන්නේ ඇයි දැයි නොදන්නා බවත්, හැඳුනුම්පතක් නිසා එහි ඇතුළත් විය යුත්තේ සාටකයක් නොව ප්‍රතිලාබ ලබා ගන්නා රාජ්‍ය සේවකයාගේ ඡායාරූපයක් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

ශ්‍රී ලංකා රක්ෂණ භාරය ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ය. මේ ගැන විමසීමට ශ්‍රී ලංකා රක්ෂණ බාරයේ නියෝජිතයකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. 

agrahara agrahara2