කහවත්ත කොටකෙතන එල් ජී ප්‍රේමවතී (63), එච් ජී පුෂ්පකුමාරි (23) ඝාතනය කළැයි චෝදනා ලබා දිටි සැකකරුවෝ තිදෙනා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය විසින් අද (28) නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.
අපරාධ සහායක ආචාරිගේ සිරිපාලගේ සාක්කිය පහරස්පර වීමත්, සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත් නිසා සැකකරුවන් මුදා හරින බව විනිසුරුවරිය කීවාය.
නාමල් චමින්ද සිල්වා, නුෂාර ලොකුගම්හේවගේ හා එල් ජී මිතිල නිදොස් කොට නිදහස් කරනු ලැබුවෝ වෙති.
2014 ජූලි 17 වැනි දා මවත් දුවත් මරා ඇඳක් උඩ පුළුස්සා තිබිය දී සොයා ගත් බව පොලිසිය කියයි.













