(විනීතා එම් ගමගේ)
නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අනෝමා ජනාදරී මහත්මියට හිමිවිය.
එම චිත්‍රපටය සංස්කරණය කළ අජිත් රාමනායකට හොඳම සංස්කරණයට හිමි සම්මානය ලැබිණි.
නාගර් කිර්තාන් නම් ඉන්දියානු චිත්‍රපටය හොඳම වෘත්තාත්ත චිත්‍රපටය බවට පත්වූ අතර, හොඳම කෙටි චිත්‍රපටයට සම්මාන ලැබුණේ නා බොලේ වෝ හරාම් නම් ඉන්දියානු චිත්‍රපටයටය.
නාගර් කිර්තාන් අධ්‍යක්ෂණය කළ කෞෂික් ගංගුලි හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලැබීය. හොඳම තිරරචනයට සම්මාන ලැබුණේ ලෙටර් ටු ද ප්‍රසිටන්ට් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අසීස්ටය.
නාගර් කිර්තාන් චිත්‍රපටයේ රඟපෑ චක්‍රමෝර්ති හොඳම නළුවා සම්මානය ලැබීය.
ජූළි 2වැනි දින සිට පැවති සාක් චිත්‍රපට උළෙල ඊයේ(07) නිමාවට පත්විය.

