ජේ.කේ.එල්.චාමින්ද
දකුණු පළාතේ ශ්‍රී ලංගම ඩිපෝවල සේවකයින් ආරම්භකොට ඇති වැඩ වර්ජනය පිළිබඳ වෘත්තිය සමිති නියෝජතයින් හා ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා අතර අද (03) පස්වරුවේ පැවති සාකාච්ඡාව විසඳුමකින් තොරව අවසන් වු බව ශ්‍රි ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා පවසයි.
මෙම සාකච්ඡාව අද පස්වරුවේ මාගාල්ලේ පිහිටි රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන කාර්යාලයේ දි පැවැත්විණි.
ශ්‍රී ලංගම සභාපතිවරයා සමග පැවති සාකච්ඡාව තිරණයකින් තොරව අවසන් වු බව සඳහන් කළ බන්දුල රත්නායක මහතා වෘත්තිය සමිති හතේ නියෝජිතයින් හා ප්‍රවාහන ඇමතිවරයා හා සභාපතිවරයා සමඟ යලිත් හෙට (04) දහවල් මේ ගැන සාකච්ඡා කිරීමට නියමිත බව ද කීවේය.
ශ්‍රී ලංකා ගමාන ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන ප්‍රාදේශිය කළමණාකරු ඩබ්ලිව් ඩී වසන්ත මහතාගෙන් මේ සාකච්ඡාව පිළිබද අප කළ විමසුමකදි මේසේ කිවේය.
‘‘මෙම වැඩ වර්ජනය පිළිබද වෘත්තිය සමිති නියෝජිතයින් හා සභාපතිවරයා අතර පැය එකහමාරක පමණ සාකච්ඡාවක් පැවැත්වුනා. නමුත් සභාපතිතුමාගේ ලබාදුන් විසදුම්වලට වෘත්තිය සමිති නියෝජිතයින් එකගවුණේ නැහැ. වෘත්තිය සමිති නියෝජිතයින් ඉල්ලන්නේ මේ මාසයේ සිට වැටුප් වැඩිවීම ලබා දෙන්න කියලා. නමුත් සභාපතිතුමා කිව්වා මාව විශ්වාස කරන්න ලබන වර්ෂයේ ජනවාරි මාසයේ සිට වැටුප් වැඩිවිම ලබා දෙනවා කියලා. නමුත් වෘත්තිය සමිති නියෝජිතයින් එම යෝජනාවට එකඟ වුණේ නැහැ.ඒ නිසා සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වුණා. යැයිද වසන්ත මහතා සදහන් කළේය.‘‘

