(එච්. එච්. ධර්මපාල)
දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසක භික්ෂූන් වහන්සේලා 83 නමක් විෂයෙහි සුදානම් කර තිබූ සාංඝික දානයක් සඳහා නියමිත වේලාවට ආහාර ගෙනැවිත් නොදීමේ සිද්ධියක් සම්බණ්ධයෙන් කොහුවල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
නිවැසියන් විසින් සිය මවගේ 83 වැනි උපන් දිනය නිමිති කරගෙන මෙම දානමය පිංකම සුදානම් කර තිබේ.
දානය පිළියෙල කිරීමට භාර දුන් සැපයුම්කරුට නියම්ත වේලාවට ඇනවූම භාරදීමට නොහැකි වීම හේතුවෙන් මෙම පැමිණිල්ල කර තිබේ. පසුව ආහාර සැපයුම්කරු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නිවැසියන් ඒ අවස්ථාවේ උත්සහ කළත් එය ව්‍යර්ථ වී තිබේ .
දහවල් දාන වේලාව පසුවන බැවින් කෙසේ හෝ නිවැසියන් කඩිනමින් දානය පිළියෙල කර භික්ෂූන් වහන්සේලා 83 නම විෂයෙහි දානය පුජා කර තිබේ.