ස්වීඩනයේ නව ශ්‍රී ලංකා තානාපති ඕෂධි අලහප්පෙරුම (38) ස්ටොක්හෝම් අගනුවර දී වැඩ බාරගත්තේය.
මොබිටෙල් සමාගමේ මහා කලමනාකරු වූ ඔහු ඉංජිනේරුවෙකි. ඩෙන්මාර්කය, පින්ලන්තය, අයිස්ලන්තය, එස්ටෝනියාව, ලැට්වියාව හා ලිතුමේනියාවේ ද ශ්‍රී ලංකා තානාපති ඔහුය. ඔහුට රුසියන් බස චතුර ලෙස හැසිරවිය හැකියි.
මීගස්දෙණිය කනිටු පාසලේ ද ඌරුගමුව හා දික්වැල්ලේ මුනිදාස කුමාරතුංග විදුහල්හි ද මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයයෙන්, රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි විද්‍යුත් තාක්ෂණ සරසවියට ඇතුළුවි විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය දිනාගත්තේය.