ස්විස් පැතුම් බිඳ වැටේ


සරණාගතයන් ලෙස ස්විට්සර්ලන්තයේ රැදී සිටින ලාංකිකයන් 44 දෙනකු මෙරටට පිටුවහල් කිරීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කැර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. සරණාගතයන් ලෙස ලාංකිකයන් දහසක් දේශපාලන රැකවරණ පතති.  ශ්‍රී ලාංකික සරණගාතයනට යළි සිය රටට යෑමට බාධාවක් නොමැති බව ස්විට්සර්ලන්ත ෆෙඩරල් පරිපාලන අධිකරණය ඉකුත් හතරවැනි දා තීරණය කිරීමත් සමග ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටී ඇත.