සිරාජ් හසීම්
යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස්කුමාර් නැමැත්තා මුදාහැරියේ යැයි කියන සිද්ධියේ සියළු විමර්ශන කටයුතු අවසන් බව අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුව අද (28) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්හ.
මෙකී සිද්ධියට අදාල විමර්ශනයේ වාර්තාවද නීතිපතිවරයා වෙත යොමුකොට තිබෙන බවද සඳහන් කෙරිනි.
විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම එකී ඝාතනයේ වරදකරු වී මේ වනවිට මරණිය දණ්ඩනය නියම කර සිටින ස්විස්කුමාර් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මුදා හැරිමේ සිද්ධියට අදාලව එවක උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි ලලිත් ජයසිංහ මහතාට එරෙහිව මෙම නඩුව විභාග වේ.
මෙම නඩුවට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන ශ්‍රී ගජන් නැමති උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමේ විමර්ශන කටයුතුද සිදුකරන බව රහස් පොලිසිය අධිකරණය හමුවේ තවදුරටත් අවධාරණය කලහ.
කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් රියාල් මහතා ඉදිරියේ අද(28) මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මේ බව අධිකරණය හමුවේ දැනුම් දුන්හ.
මෙහිදී සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බලමින් අපරාධ පරික්ෂන දෙපාර්තුමේන්තුව හමුවේ මසකට වරක් පෙනී සිට අත්සන් කරන ලෙසට පනවා තිබූ කොන්දේසියද ඉවත් කරනු ලැබීය.
මෙම නඩුව ලබන ජූනි 20වනදා යලි විභාගයට ගැනිමට නියමිතය.