(සනත් ගමගේ)
හම්බන්තොට වරාය ආශ්‍රිතව චීන සමාගමක් මගින් ඉදිකිරීමට යෝජිත මෙගා වෝට් 440 ක් ස්වාභාවික විදුලි බලාගාරය (එල්.එන්.ජී බලාගාරය) ඉදිකිරීමට කොන්දේසී 17 ක් හම්බන්තොට මහ නගර සභාව මගින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දන්වා යවා ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීය.
හම්බන්තොට මහ නගර සියළුම නාගරික මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා මත මෙම කොන්දේසි 17 මධ්‍යම පරිසර අධිකාරිය වෙත පනවා ඇති බවත්, එකී එක් කොන්දේසියක් හෝ ඉටු කිරීමට චීන සමාගම අකමැති වන්නේ නම් හම්බන්තොට වරාය ආශ්‍රීතව එල්.එන්.ජී විදුලිබලාගාරය ඉදිකිරීමට හම්බන්තොට මහනගර සභාවේ අනුමැතිය හෝ කැමැත්ත නොදෙන බවට සභාව ඒකමතිකව තීරණය කර ඇති බව නගරාධිපතිවරයා හම්බන්තොට මහ නගර සභාවේ මාසික රැස්වීමේ දී ප්‍රකාශ කළේය.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම බලාගාරය ඉදිකිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට නගර සභාවට ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කර තිබූ අතර එම ලිපියට පිළිතුරු වශයෙන් මෙම කොන්දේසි 17 ඇතුළත් ලිපිය මධ්‍යම පරිසර අධිකාරියට යොමුකළ බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දී ඇති අතර එල්.එන්.ජී විදුලි බලාගාරය ඉඳිකිරිම සඳහා තවත් සමාගමකට හම්බන්තොට වරායේ නැගෙනහිර කොටසේ ජනතාව පදිංචි ඉතා සංවේදී කලාපයක් ලබා දීමට චීන සමගාමට අයිතියක් තිබේද යන්න පවා ගැටළු සහගත බවද නගරාධිපති වරයා මෙහි දී සඳහන් කළේය.

