ස්වාධීන කොමිසන් හතරක සාමාජිකයෝ පත් කැරෙති


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන් සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව අද (9) සාමාජිකයන් නම් කර අනුමැතිය සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපතිට යැවූ බව පාර්ලිමේන්තු ආරංචි කියයි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු මන්දිරයේදී අද රැස්විය.

ව්‍යවස්ථා සභාව යළි නොවැම්බර් මුල් දින රැස්වී ඉතිරි ස්වාධීන කොමිසන් සභා නියෝජිතයන් නම් කිරීමට නියමිතය.