ස්වාධීන කොමිෂන් සභා පත් කරගන්න ජවිපෙ වෑයමක්


දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා නෙමැතිව ඉතිරි සාමාජිකයන් සත් දෙනාගෙන් හෝ මෙම සභාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට ජනාධිපති තම පක්ෂය සමඟ එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියයි.

ඉකුත් පස් වැනි දා සාකච්ඡාවක දී මෙම එකඟතාවය ඇති විය.

ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා නොමැතිව එය ක්‍රියාත්මක කළ හැකි වුව ද එය පාර්ලිමේන්තු සාමාජිකයන්ගෙන් පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගැටළුවක් බවත් ජනපති පැවසීය.

ස්වාධීන් කොමිෂන් සභා පත් කරනුයේ මේ කොමිසමෙනි.