(නිමල කොඩිතුවක්කු)
දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් විකෘති පළිගැනීමේ චේතනාවක් සමාජයට පෙන්නුම් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.
ස්වාධීන අධිකරණය ව්‍යසනයකට ගොදුරු වීමට ඉඩනොදී එය රැකගැනීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කැප වෙන බවද ජයසූරිය මහතා සඳහන් කළේය.
දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ සාකච්ඡා සභාවකට කොළඹ ජානකී හෝටලයේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා මෙසේද කීවේය.
"ජාතික යුතුකමක් වශයෙන් මෙම සාකච්ඡා සභාව අප සංවිධානය කළේ ලෝකයේ කිසිම රටක නොවුණු ආකාරයට උත්තරීතර අධිකරණයට හානිවන ආකාරයට නිකුත් කර ඇති දේශපාලන පලිගැනීම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව ගැන රට දැණුවත් විය යුතු නිසයි.
අද මෙම සම්මන්ත්‍රණයට අධිකරණ ක්ෂේත්‍රයේ වියතුන් ඇතුළු සමාජයේ ප්‍රභු පුද්ගලයින් පැමිණ සිටීම අධිකරණය රැකගැනීමට රටට ලැබෙන ශක්තියක්.
මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේදී අප යම් පුද්ගලයින් ආරක්ෂා කිරීමට හෝ ජනාධිපතිවරයා හෝ රජය අපහසුතාවයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.
මෙම වාර්තාව නොනිල වශයෙන් පිට වුණාට පසුව ඒ ගැන විශාල ආන්දෝලනයක් දේශීයව හා විදේශියව ඇති වුණා. සමහරුන්ට මෙය තේරුම් ගැනීමට අපහසු වුණා.
බොහෝ දෙනෙකු එය දුටුවේ රජයේ පලිගනීමේ උත්සාහයක් ලෙසින්. මේ ගැන ලෝකයේ විද්වතුන්ගේ මතය වූයේ මෙම කොමිසම පත්කිරීම නීතිවිරෝධී මෙන්ම එම නිර්දේශ සම්පූර්ණයෙන්ම සදාචාර විරෝධී බවයි. ස්වාධීන අධිකරණ පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවලට ප්‍රවිණ නීතිවේදීන් මෙය සමච්චලයට ද ලක් කළ අවස්ථා අප අසා තිබෙනවා.
පසුගිය රජය දූෂණ විරෝධී ක්‍රියාදාමය ආරම්භ කළේ එකළ ජනපති, අගමැති, ඇතුළු කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීරණයක් අනුව. ඒ සඳහා නිලධාරීන් පත් කළේ නීත්‍යානුකූලව. එමෙන්ම නඩු ගොණු කළේ එකල සිටි නීතිපතිවරයාගේ නිර්දේශ අනුව.
එසේනම්, තෝරාගත් හිටපු මැති ඇමතිකම් දැරූ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුනට හා නිලධාරීන්ට චෝදනා එල්ල කිරීමටත්, හිටපු නීතිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම වෙනුවෙන් අදාල පොලිස් හා නීති නිලධාරීන්ට නඩු පැවරීම තුළ සමාජය දකින්නේ විකෘති පළිගැනීමේ චේතනාවක්.
අපට පේන ආකාරයට සමාජයේ දැඩි විරෝධයක් මෙම කොම්සම් වාර්තාව ගැන ඇතිවෙමින් තිබෙනවා. මහා සංඝරත්නය, අනෙක් ආගමික නායකයින් මෙන්ම සමාජයේ විවිධ පුද්ගලයින් ඉදිරියේ දී මෙම වාර්තාවට එදිරිව ක්‍රියා කරනු ලබන වාර්තා අප දුටුවා.
රටට ආදරය කරන, යුක්තිය සාධාරණය රජයන ස්වාධීන අධිකරණය බලපැවැත්වෙන රටක මිහිදන් වීමට පතන සෑම කෙනෙකුගේම විරෝධය ඉදිරියේදී දකින්නට පුළුවන් වේවි.
මේ සියල්ලන්ටම වඩා දැනට අප මව්බිමට එරෙහිව විවිධ චෝදනා නැගෙමින් තිබේ. අන්තර්ජාතික ප්‍රජාවගේ ද විවිධ කරුණු වෙනුවෙන් විරෝධය ගොඩ නැගී ඇත.
බුද්ධිමත්ව ඉවසීමෙන් ක්‍රියා නොකළහොත්, රට ඉතා විශාල අගාධයකට පත්විය හැක. මෙම අභියෝග මැද තවත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගතහොත්, එයින් පීඩා විඳින්නේ දැනටමත් අසරණව සිටින අපගේ අහිංසක ජනතාව බව රජයට නොවැටහීම ගැන අප පුදුම වෙමු.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෙතෙක් ජනතාව විශාල කැපවීමකින් රැකගත් ස්වාධීන අධිකරණය මහා ව්‍යසනයකට ගොදුරු වීමට ඉඩනොදී එය රැකගැනීමට ඇස් කන් නාසා වසාගෙන නොසිට රට වෙනුවෙන් කැප වෙන බව මේ අවස්ථාවේ සඳහන් කරමි.
ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කිවු පරිදි උඩ යන සෑම දෙයක්ම පහළට වැටෙන සංකල්පය මතක් කර දෙන්නේ අතීතයේ 5/6 හා 2/3 බලතල ලබාගත් පාලකයින්ද පහළට ආ බවද බලධාරීන් සිහි කිරීම ඉතා වටිනා බව සඳහන් කරමිනුයි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනූෂ නානායක්කාර සහ නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

