රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මත ක්‍රියා කරතියි එහි ස්වාධීන ශිෂ්‍ය එකමුතුවේ ලේකම් හසිත ඒකනායක මාධ්‍ය හමුවක් පවත්වමින් අද (03) පැවසීය.
අතළොස්සක් වන සිසුන් පිරිසක් හා හාරදහස් පන්සීයක් වන සිසුන්ගේ අනාගතය අඳුරු කිරීමට සැරසෙතියි ද ඔහු කීවේය.
ශිෂ්‍ය සංගමයේ මැරයින් කිහිප දෙනකුට අහිංසක සිසුන් ගොදුරු කැර ගැනීමට නොදෙන ලෙසද ඔහු ඉල්ලයි.

