ස්වර්ණාභරණ තොගයක් ගුවන් තොටෙන් අල්ලයි



 
(ටී.කේ .ජී.කපිල )
 
නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයකු (40) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද (16) අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
 
එම බෑගය තුළ ග්‍රෑම් 127.36 ක් බර, රුපියල් 6,36,000 ක් වටිනා ස්වර්ණාභරණ කට්ටල හයක් සොයා ගෙන ඇත.