(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටියක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (8) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම කාන්තාවන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියන් වන අතර , එක් කාන්තාවකගේ වයස අවුරුදු 56 කි. අනෙක් කාන්තාව 50 හැවිරිදිය .
ඔවුන් රැගෙන ආ අත් බෑග්වල එක් අයකු ග්‍රෑම් 836 ක් සහ අනෙක් කාන්තාව ග්‍රෑම් 264 ක් වශයෙන්, කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 100 ක් මුළු බර වූ මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන පැමිණ තිබේ .
මෙම ස්වර්ණාභරණ අතර මාල ,වළලු , කරාබු , ගෙල පළදනා ආදිය තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයකු පැවසීය .