ස්වයං නිරෝධායනය කඩකළ 3 ක් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට


(සමන් පාලිත නානායක්කාර)

හපුතලේ දී  ස්වයං නිරෝධායනයට  යොමු කළ පුද්ගලයකු නිරෝධායනය කඩ කරමින්  ඇඳිරිනීතිය නොතකා  තවත් දෙදෙනකු සමඟ  ලොරියකින්   ගමන් කරමින් සිටියදී   අද (12) රාත්‍රී  බෙරගල නගරයේදී  අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි.

හපුතලේ ප්‍රදේශයේ දෙදෙනෙකු  හා බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුට ගත් තිදෙනා දියතලාව යුද හමුදා  නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බවද පොලිසිය කියයි.

යුද හමුදාව  අධීක්ෂණය යටතේ  මෙම  තිදෙනා කහගොල්ල ලටෙක්  ඉංජිනේරු කාර්මික ආයතන  නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් නිරෝධායනය වීමට නියමිත බව ද පොලිසිය කියයි .