ස්වයං නිරෝධායනය අවසන් කළ සංචාරකයෝ 4ක් පිටව යති


 (ජේ.කේ.එල් චාමින්ද)
 
බද්දේගම  පොලිස් බල  ප්‍රදේශයේ පිහිටි හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ප්‍රංශ හා එංගලන්ත ජාතිකයින් සිව්දෙනෙකු  නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශය මත  මෙරටින් පිටත්ව ගිය බව බද්දේගම පොලිසිය පවසයි.
 
මේ වනවිට බද්දේගම පොලිස් බල ප්‍රදේශය තුළ   විවිධ රටවල සිට පැමිණි පුද්ගලයින් 25 දෙනෙකු සිය නිවෙස්වලට වි ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බව ද   පොලිසිය කියයි.
 
මෙම පුද්ගලයින් පොලිසියේ ලියාපදිංචි වී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මොවුන් නිවෙස්වලට වී ස්වයං නිරෝධයනයට ලක්වෙමින් සිටින බවද පොලිසිය සඳහන් කරයි.
 
 මේ අයගෙන් ඇතමුන්ගේ නිරෝධායන කාලය අවසන්වී ඇත.