
(නිමල කොඩිතුවක්කු)
මෙරට ජනතාවට එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව 100%ක් බැවින් සියලු දෙනා එකට එකතු වී මෙම භයංකාර තත්ත්වය මඟහරවා ගැනිම කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රටක ආණ්ඩුවක් විපක්ෂයක් සහ ලක්ෂ 220 ජනතාව සිටින නිසා මේ එල්නීනෝ සහ ලානීනා වල බලපෑම සැමටම එක හා සමානව මුහුණ දීමට ඇති නිසා සියලු දෙනා එකට එක්ව අභියෝගය ජයගත යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.
රටේ මිනිස් සම්පත සතා සිව්පාවා ජෛව විවිධත්වය පරිසරය ආරක්ෂා කිරීම අතිශය වැදගත් ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවත් බවත් මිනිස් සම්පතත් වන සම්පතත් රැක ගැනීම ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

