ස්මිත් - වෝනර් තනතුරු අතහරිති


(රොයිටර්/ඒ.එෆ්.පී)

දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව  අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාරගත් ඕස්ට්‍රේලියානු  නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතනය මේ බව අද (25) නිවේදනය කළේය. 

නායකයා මෙන්ම උපනායකයා යන දෙදෙනාම තනතුරු වලින් ඉවත්වීම නිසා කණ්ඩායමේ කඩුලු රකින්නා වන ටිම් පේන් ඕස්ට්‍රේලියානු  කණ්ඩායම මෙහෙයවීමට පත්කර තිබේ.