ස්මාට් සමාජ කව ඒකාබද්ධ කරමින් ෆේස් බුක් පිටුවක්


බිඟුන් මේනක ගමගේ
 
ග්‍රාමීය ජනතාවගේ ගැටලු බලධාරීන්ට සන්නිවේදනය කිරීමේ හා ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අරමුණෙන් තමන් හඳුන්වාදුන් ස්මාට් සමාජ කව ( smart social circles ) ඒකාබද්ධ කෙරෙමින් ජාතික ෆේස් බුක් පිටුවක් නිර්මාණය කරන්නේ යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

 
ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් මේ වනවිට ස්මාට් සමාජ කව 606ක් ක්‍රියාත්මක අතර මේ වසර අවසන් වනවිට ඒවා 860 ක් දක්වා ඉහළ නන්වන්නේ යැයි එම ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවැසීය.
 
ග්‍රාමීය ජනතාව තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වීමට දැනුම්වත් කිරීමේ නියෝජිතයන් 6600 ක් පුහුණු කළේ යැයි ද මේ වසර අවසාන වනවිට එම සංඛ්‍යාව 8600 දක්වා වැඩි කරන්නේ යැයිද එම ආයතනයේ වැඩසටහන් කළමනාකරු සමීර ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.