(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් ව ඇති දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මේ වන විට නවත්වා තිබේ.
ගුවන් යානය ඊයේ ( 07) බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණියේය.
මෙය දකුණු අප්‍රිකාවේ ලියාපදිංචි කර ඇති ස්පෙක්ට්‍රම් එයා (Spectrem air) ගුවන් සමාගමට අයත් එච්.සී.- 47 වර්ගයේ ගුවන් යානයකි.
මෙම ගුවන් යානය අඩි 10,000 ක් පමණ පහතට ගැනීමෙන් පසු , පියා සලන අතරතුරම , පොළව අභ්‍යන්තරයේ මීටර් 800 ක් ගැඹුරට ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ හැකි වර්ගයේ ගුවන් යානයක් බව සදහන් වේ .
මෙම ගුවන් යානා සමාගම සතුව තවත් මෙවැනි ගුවන් යානා රාශියක්ම ඇති අතර , ඔවුන් මේ ආකාරයට විවිධ රටවලට ගොස් භූ ගර්භ පරීක්ෂාවන් සිදු කරන ආයතනයකි .
මෙම ගුවන් යානයෙහි කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ ඇති අතර , ඔවුන් මේ වනවිට විවේක ගැනීම සදහා රට අභ්‍යන්තරය වෙත ගොස් තිබේ .
මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගෙන හෙට (09 )පිලිපීනයේ මැනිලා නුවර වෙත පිටත්ව යෑමට නියමිතය .
මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා මහතා , ජපානයේ පැවති ජී.- 20 සමුළුවට සහභාගී වීමට යන අතරතුර දෙවරක්ම ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ගොස් තිබුණි .

