ස්පුට්නික් වී එන්නත් මහබුත්ගමුවට


(ළහිරු හර්ෂණ)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ මහබුත්ගමුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ පදිංචිකරුවන්ට ලබාදීම අද කොහිලවත්ත පියදස්සිනාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණ.

වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට කොවිඩ් - 19 මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන යටතේ මෙම එන්නත් ලබාදී තිබුණි.