කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මියගිය ගණන චීනයේ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත.
අද (25) දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ස්පාඤ්ඤයෙන් මරණ 738ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට සමස්ත මරණ ගණන 3,424ක් දක්වා ඉහළ ගොස් ඇත.

ස්පාඤ්ඤය ද මේ වනවිට රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය අනුගමනය කරන අතර ඊයේ වනවිට ස්පාඤ්ඤය එම ක්‍රියාමාර්ගය අනුගමනය කර දින 11ක් ගතව තිබි.
චීනයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසයෙන් මේ වනවිට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි. ඊයේ පස්වරුව වනවිට ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ ගණන 6,820ක් වූ අතර චීනයෙන් වාර්තා වූ මරණ ගණන 3,285ක් විය.
ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 47,610ක් විය.
ඒ.එෆ්.පී.
055



