(අංජුල මහික වීරරත්න)
ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ සම්පත් දායකත්වය නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදෙන බව ද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 04 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කොළඹ, නවලෝක රෝහල් නව ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.
මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරයට බ්‍රිතාන්‍ය ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඉන්දියාවේ ස්නායු විද්‍යා සංගමය සහයෝගීතාවය ලබා දී ඇත.
ශල්‍ය වෛද්‍ය දැනුම සහ කුසලතා වැඩුමට ස්නායු ශල්‍ය වෛද්‍ය දිගහැරුම (Neurosurgery unleashed – carving pathways, crafting miracles) යන්න තේමා කර ගනිමින් මෙවර අධ්‍යයන සැසිවාරය පැවැත්විණි.