(විනීතා එම් ගමගේ)
පේරාදෙණිය හා මහනුවර රෝහල්වල විකිරණ විද්‍යා තාක්ෂණවේදින් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය, ස්ථාන මාරු ලබා සිටින එම පළාතේ රෝහල්වල විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ ස්ථාන මාරු කි‍්‍රයාත්මක කරන තුරු අඛණ්ඩව කරගෙන යන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පැවසීය.
ස්ථාන මාරු මණ්ඩල මගින් තීරණය කර ඇති ස්ථාන මාරු මධ්‍යම පළාතේ රෝහල් කිහිපයකම කි‍්‍රයාත්මක නොකිරීමට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කටයුතු කර තිබීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළේ යැයි ද ඔහු කීවේය.
ඉකුත් ජුනි 30 වැනි දා ලබා දුන් ස්ථාන මාරු ක‍්‍රියාත්මක කිරීම මෙසේ නවතා ගෙන ඇතැයි කී ඈපා මහතා වහාම එම මාරු ක‍්‍රියාත්මක කරන්නැයි බල කරමින් මීට පෙර දෙවතාවක් සංකේත වර්ජන පවා සිදු කළේ යැයි ද කීය.
කිසිදු වෘත්තිය කි‍්‍රයාමාර්ගයකට ඇය තම තීරණය වෙනස් නොකළ නිසා අඟහරුවාදා (14) සිට අඛණ්ඩ වර්ජනය ආරම්භ කළ බවත් මෙම වර්ජනයේ දී ද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය නිහඬ වුවහොත් මධ්‍යම පළාතේ අනෙක් රෝහල්වල එක්ස්රේ පරික්ෂණ නැවැත්වීමටත් දිවයින පුරා වර්ජනය ක්‍රියාත්මක කරන බවටත් කීවේය.
මහනුවර මහ රෝහලේ එම් ආර් අයි පරික්ෂණ දිනකට 15 ක් සිදු කරන බවත් මේ වනවිට මාස අටක ලැයිස්තුවක් එහි ඇති බවත් කී ලේකම්වරයා වර්ජනය හේතුවෙන් මෙම පොරොත්තු ලේඛණය තවදුරටත් දිග්ගැස්සෙනු ඇති බවත් ඊට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වගකිව යුතු බවත් ප‍්‍රකාශ කළේය.

