ස්ටිව් ජොබ්ස්ගේ රැකියා අයදුම්පත අලෙවියට


ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් විසින් 1973 වර්ෂයේදී රැකියාවක් සදහා අයදුම් කරන ලද අයදුම්පතක් ඇමරිකානු ඩොලර්  එක් ලක්ෂ හැත්තෑ හතරදහස් හත්සිය පනස් හතකට (174757.00 ) වෙන්දේසියකදී අලෙවි කොට ඇතයි විදෙස් වාර්තා සඳහන් කරයි.

එය මිලදීගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයකු බව ඔවුන් සඳහන් කරන නමුත් මෙම වෙන්දේසිය මෙහෙයවන ලද බොස්ටන්හී ඍඍ වෙන්දේසි සමාගම එය මිළට ගත් තම සේවාදායකයා නම හෙළිකිරීමට අකමැති බව පවසයි.

1973 වර්ෂයේ ඉදිරිපත් කොට ඇති මෙම අයදුම්පතෙහි අක්ෂර දෝශ සහ වෙනත් වැරදි ඇති බව කියයි. වෙන්දේසි සමාගම වෙන්දේසියේදී  ඒ සදහා ඇමෙරිකා ඩොලර් පනස්දහසක් පමණ බලාපොරොත්තු වූ නමුත් මෙතරම් මිලකට අලෙවි වීම ඔහු තවමත් කොතරම් ජනප්‍රිය චරිතයක් දැයි පෙනීයන බව පවසයි.

එම අයදුම්පතෙහි ඔහුගේ නම ලෙස  ස්ටිව් ජොබ්ස් , යනුවෙන්ද ලිපිනය ලෙස ‘රීඩ් කොලෙජ් , යනුවෙන්ද ඔහුගේ පාසල ලෙස  ‘පෝට්ලන්ඩ් ඕගන් කොලෙජ්, ලෙසද දක්වා තිබුණි. විශේෂ හැකියාවන් ලෙස ඔහු දක්වා තිබුණේ තාක්ෂණ සහ නිර්මාණ ඉංජිනේරු කුසලතා, යනුවෙනි. එහි ඔහු අයදුම් කරන නිලය හෝ සමාගම දක්වා නොතිබිණි.

මෙම අයදුම්පත ඉදිරිපත් කොට වසර තුනකට පසු ස්ටිව් ජොබ්ස් සහ ඔහුගේ මිතුරු ස්ටිව් වොස්නියැක් විසින් ලෝප්‍රකට ඇපල් සමාගම ආරම්භ කරන ළදි. ස්ටිව් ජොබ්ස් වයස අවුරුදු 56 ක්ව තිබියදී පිළිකාවකින් 2011 වර්ෂයේදී මියයන ලදි.

(255)