ස්ටිකරයක් නැතිව 300ක් හැරී ගිහින්


මැතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් ලාභීන්ගේ හැඳුනුම්පත් සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මඟින් නිකුත් කිරීමට නියමිත ස්ටිකරය අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නොවීම හේතුවෙන් ඊයේ (5) රාජකාරිය සඳහා එම කාර්යාලයට වාර්තා කළ ග්‍රාම නිලධාරීන් 300 කට අධික පිරිසක් අපහසුතාවයට පත්වූ බව කියති.

උදෑසන 8.45 ට  කාර්යාලයට වාර්තා කිරීමට දැනුම්දී තිබුණද ඊයේ සවස් කාලය වනතුරු එම කටයුත්ත ඉටු නොවූ බව ඔවුහු කියති. හැඳුනුම්පත් නිකුත් කිරීම අද (6) අවසන් කළ නොහැකි වුවහොත් හෙට (7) දක්වා කල්ගත විය හැකි යැයි ග්‍රාම නිලධාරීහු කියති.

අනුරාධපුර මැතිවරණ කාර්යාලයේ උසස් නිලධරයකු කීවේ තාවකාලික හැඳුනුම්පත් සඳහා නිකුත් කරන ස්ටිකරයේ හිඟයක් ඇතත් අද දිනම ඊට විසඳුම් ලබාදීමට උත්සාහ ගන්නා බවයි.