ස්ටැලියන්ස්ට කඩුලු 5 ක ජයක්


(රොෂාන් ගුණරත්න)
 
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි තරගය ලෙස ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව යාපනය ස්ටැලියන්ස් පිල සමග හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තරගය කඩුලු 5 කින් ජයගැනීමට ගාල්ල ග්ලැඩියේටර්ස් පිල සමත්විය. ඒ අනුව ඔවුන් පිට පිට ලබාගත් සිව්වැනි ජයග්‍රහණය ලෙස වාර්තා වන්නේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය යාපනය ස්ටැලියන්ස් පිල ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 84 ක් රැස්කරමින් යාපනය ස්ටැලියන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

කාසියේ වාසිය දිනා පළමුව පනදුවට පහරදුන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරු ධණුෂ්ක ගුණතිලක පන්දු 44 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 56 ක් රැස්කිරීමට සමත්වූ අතර වනිඳු හසරංග සිය ඕවර 4 ලකුණු 29 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තේය.
 

ගාල්ල ග්ලැඩියේටර්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 170
(ධණුෂ්ක ගුණතිලක 56, අසාන් අලී 59, අසාම් ඛාන් 25, චැඞ්වික් වෝල්ටන් 31, වනිඳු හසරංග 29/2)

යාපනය ස්ටැලියන්ස් - ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී 174
(අවිශ්ක ප්‍රනාන්දු 84, මිනෝද් භානුක 40, අසිත ප්‍රනාන්දු 30/2)
 

වැඩිදුර තොරතුරු සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න