(ජයන්ත සමරකෝන්)
ප්‍රතිව්‍යුහගත කරන ලද ලංකා සළුසල ආයතනයේ වන්දි ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ රුපියල් කෝටි 34 ක් අතුරින් රුපියල් ලක්ෂ 75 කට සිදු වී ඇති දේ තවම කිසිවෙකුත් නොදන්නා බව වාර්තා වෙයි.
සළුසල සංවිධානයේ සභාපති හේමන්ත ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී මේ බව අනාවරණය විය.
සළුසල ආයතනයෙන් වන්දිගෙවීමේ පදනම යටතේ ඉවත් වූ සේවකයෝ 217 ක් අතුරින් 76 දෙනකුට වසර තුනක් තිස්සේ සේවක අර්ථසාථක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට තවමත් නොහැකිවී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
2017 ජුලි 31 වැනිදා සිට සේවයෙන් ඉවත් වු මෙම සේවකයින්ට වයස අවුරුදු 55 සම්පූර්ණ නොවීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බවත් සේවයෙන් ඉවත් වීමට ලබා දුන් චක්‍රලේඛයේ ඒ බව සඳහන් නොවන බවත් ඒ මහතා කියයි.
දැනට වසර තුනක් තිස්සේ එම සේවකයින් අදාල ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් දරණ බවද ඇතැමුන් සිත් වේදනාවෙන්ම මියගොස් ඇතැයි ද ඒ මහතා පැවසුවේය.

