(ක.ග. කරුණාරත්න)

වෙළෙඳපොලේ දැනට පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා මැදිහත් විය යුතු බව සමස්ත ලංකා ක්‍රියාකාරී සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි. මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරිය හෝ වෙනත් අදාළ ආයතන සතු නිලධාරීන් ප්‍රමාණවත් නොවන්නේනම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හෝ පොලිසිය යොදවන ලෙස ජනාධිතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සහල් මෝල් හිමියෝ පැවසූහ.
එම සංගමය පොලොන්නරුවේදී අද(28) රැස්වූ අවස්ථාවේ මෙම ඉල්ලීම කෙරිණ.
රජයේ සහතික මිල ඉක්මවා ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම නිසා සහල් කිලෝවේ නිෂ්පාදන මිල පාලනය කිරීමට නාඩු වී කිලෝවක් රුපියල් 40 බැගින් ද සම්බා වී කිලෝවක් රුපියල් 45 බැගින් ද මිලයට ගැනීමට මෙහිදී තීරණය විය. මෙම මිලට වී මිලදී ගෙන සහල් නිෂ්පාදනය කිරීමේදී රජයේ සහතික මිලට සහල් අලෙවි කිරීමට හැකි බවද මෙහිදී කියැවිණි.
(ඡායාරූපය - ක.ග. කරුණාරත්න)

