අජන්ත කුමාර අගලකඩ
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා ගෙනන ලද යෝජනාවක් සාකච්ඡාවට ගැනීම අද දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී පසුවට කල් දැමූ බව වාර්තාවේ.
මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බැවින් දැනට සහල් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව අද කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කිරීම නොකර කල් තබන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දි තිබේ.
මේ අතර සතොස මගින් ගෙන්වන ලද සහල් මෙට්‍රික් ටොන් 7000ක් පමණ අලෙවි නොකර තිබෙන බව ද කැබිනට් රැස්වීමේදී අනාවරණය වී ඇත.

