සහරාන්ලාගේ කඩු 36ක් කාත්තන්කුඩියෙන් අල්ලයි


කාත්තන්කුඩියේ වළ දමා සඟවා තිබූ කඩු 36ක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
 

සහරාන් හෂීම්ගේ සන්නද්ධ අංශය භාරව කටයුතු කළ බව කියන මොහොමඩ් මිල්හාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීමෙන් පසු මෙම කඩු තොගය සොයා ගෙන තිබේ.
 
මීට අමතරව තවත් අවි ආයුධ රැසක් ඊයේ සොයා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද වැඩිදුරටත් කළ සෝදිසියේ දී මෙම කඩු තොගය ද හමුවී ඇත. විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් බටවල බහා මෙම කඩු තොගය වළ දමා තිබුණු බව ද පොලිසිය පවසයි.
 
වවුනතිව් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මරා දමා ඇත්තේ මෙම සැකකරුගේ උපදෙස් පරිදි බවත් පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන කරගෙන යයි.