(උපාලි ආනන්ද)
මැදවච්චිය තල්ගස්වැවදී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ තවුහිත් ජමාත් සංවිධානයේ මෙරට නායකයාගේ මාධ්‍ය ලේකම්වරයා බව කියන සැකකරු පැය 72 ක කාලයක් රදවා තබා ගෙන ප‍්‍රශ්න කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජානක ප‍්‍රසන්න සමරසිංහ මහතා මැදවච්චචිය පොලිසියට නියෝග කළේය.
මෙම සැකකරු සම්බ්න්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය .
මෙලෙස රදවා තබා ගෙන ප‍්‍රශ්න කිරීමට නියෝග කලේ මැදවච්චිය තල්ගස්වැව ලිපිනයේ අබිදුල් ලතීෆ් මොහොමඞ් නැමැත්තාගෙන්ය
මෙම සැකකරු දරුවන් හය දෙනෙකුගේ පියෙකු වන අතර ඔහුගේ බිරිද 7 වැනි දරුවා ප‍්‍රසූත කිරීමට සුදාම්නව සිටින බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ. මෙම සැකකරු තවුහිත් ජමාත් සංවිධානයේ කාත්තන්කුඩි ප‍්‍රදේශයේ සංවිධායකවරයා ලෙස කලක් කටයුතු කර ඇති බවත් මේ වන විට එම සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හසීම්ගේ මාධ්‍ය ලේකම්වරය ලෙස කටයුතු කරන බවත් දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණ වී තිබේ.
21 වනදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වලින් පසුව කොළඔ ප‍්‍රදේශයේ සිට මැදවච්චිය තල්ගස්වැව පිහිටි ඔහුගේ නිවසට පැමිණ ඇති මෙම සැකකරු වෘත්තියෙන් විදුලි කාර්මික ශිල්පියෙකි
මිහින්තලේ පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ බලකා නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව විමර්ශන මෙහයවා මෙම සැකකරු අත් අඩංගුවට ගැනිනි.
උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සෙනරත් ප‍්‍රතාප් සදුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාශ බාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කෙරෙයි.

