(වසන්ත චන්ද්‍රපාල)
සහරාන්ගේ කල්ලිය විසින් අම්පාර ඕලුවිල් පාලමුනේ ප්‍රදේශයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගයක් අද (18) සොයා ගනු ලැබීය.
ටී - 56 ගිනි අවියක් , මැගසින් 1, ජිව උණ්ඩ 30 ක් , වෝටර් ජෙල් කරල් 4 ක්, කාල ගණක යන්ත්‍ර 2 ක් , වයර් රෝල් 2 ක් , ඩෙටනේටර් 7 ක් , හඳුනානොගත් වෙඩි බෙහෙත් වර්ග 2 ක් , යුරියා, ඇමෝනියා එහි තිබී හමුවී ඇත.
අම්පාර රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගය සොයා ගෙන තිබේ.
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එම ප්‍රදේශය තුළ තවදුරටත් කැණීම් කටයුතු සිදුකරමින් පවතී.




