(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී අද (12) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අරනායක දික්පිටිය විල්පොල පාරේ පදිංචි මෙම සැකකරු මොහොමඩ් තාජුඩීන් අසීෆ් අහමඩ් නැමැත්තෙකි.
මීට දින තුනකට ඉහතදී ඇඟලුම් කම්හලේ සේවය සඳහා පැමිණ තිබූ මෙම පුද්ගලයා සහරාන් සමඟ අවි පුහුණුව හා වෙනත් පුහුණු කටයුතු වලට මෙන්ම උපදෙස් පන්ති වලට සහභාගි වී ඇතැයි පොලිසිය කියයි.
ත්‍රස්ත විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගේ සහයෙන් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

