සහරාන්ගේ අනුරාධපුර නියෝජිතයා කල්මුණේදී අසුවෙයි


( වසන්ත චන්ද්‍රපාල)
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ අනුරාධපුර නායකයා කල්මුනේ ප්‍රදේශයේ නිවසක සිටියදි රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරින් සහ අම්පාර පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
 
මෙම පුද්ගලයා ත්‍රස්තවාදි නායක සහාරාන්ගේ නුවරඑළිය පුහුණු  කදවුරට සහභාගි වු පුද්ගලයෙක් වන අතර ත්‍රස්තවාදි සංවිධානට මොහුට අබු හන්ලලා යන අනුවර්ථ නාමය දි තිබේ.
 
එමෙන්ම මෙම පුද්ගලයා ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ නායකයෙක් ලෙස කටයුතු කළ  දැනට අත් අඩංගුවේ සිටින සාදික් අබ්දුල් හක් යටතේද පුහුණුව ලබා ඇති  ව ආරක්ෂක අංශ  විසින් කරැණු අනාවරණය කරගෙන තිබේ.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය අනුරාධපුර ලිපිනයේ පදිංචි මොහමඩ් ස්මයිල් මොහමද් සල්මාන් යන පුද්ගලයෙකි.
 
අම්පාර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන  අංශය මගින් අත්අඩංගුවේ සිටින පිරිස අත් අඩංගුවට ගනු ලැබිය. අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජී.එච්.මාරපන මහතා ගේ  උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වති.