පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු ලෙස සැලෙකන අයෙක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තාවේ.
මෙලස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ 29 හැවිරිදි රියාස් අබුබකර් හෙවෙත් අබු දුජානා නැමැත්තෙකි.
සැකකරු අද (30) කොචී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාරයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බවට පාපෝච්ඡාරණය කර තිබේ. ඔහු අනාවරණය කර ඇත්තේ වසරක පමණ කාලයක සිට තමා සහරාන් හෂීම්ගේ සහ ශකීර් නායික් නමැත්තාගේ අදහස් අධ්‍යයනය කළ බවයි.
කේරළයේ ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුම පිළිබඳ ඔහු විසින් වැඩිදුර කරුණු අනාවරණය කර ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.
(125)

