සහරාන් සමඟ සබඳකම් පැවැත්වූ අයෙක් අත්අඩංගුවට


(අමදෝරු අමරජීව)

ජාතික තව්හීත් ජමාත් සංවිධානය සමඟ සෘජු  සම්බන්ධතා පවත්වමින් එහි නායක මොහොමඩ් සහරාන් හෂින්ගේ දේශණ ඇතුළත් සංයුක්ත තැටි 23ක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු අද  (29) කන්තලේ දී අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය කියයි.

යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක  බලකාය සමඟ  පොලිසිය එක්ව සිදුකළ  සෝදිසියකදී කන්තලේ නගරයේ  ප්ලාස්ටික්  බඩු  වෙලඳසැලක්  පවත්වාගෙන යමින්  සිටි මෙම  සැකකරු  අත්අඩංගුවට ගෙන තිබේ.

සහරාන් හෂින්ගේ  අනුගාමිකයෙකු වශයෙන් සැලකෙන මෙම පුද්ගලයා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න  කිරීමට නියමිතය.