සහනාධාර හිමිවන්නේ භූමිතෙල් වලට පමණයි - මුදල් අමාත්‍යාංශය


රංජන් කස්තුරි

අඩු ආදායම්ලාභීන්ට සහ ධීවරයින්ට සහනාධාර හිමිවන්නේ භූමිතෙල් සඳහා පමණක් වන අතර පෙට්‍රල් හෝ ඩීසල් සඳහා එවැනි සහනාධාරයක් හිමිනොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව විදුලිය නොමැති සමෘද්ධි සහනාධාර ලබන පවුල් 47,555කට සහ එන්ජින් සවිකරන ලද එක්දින ධීවර බෝට්ටු හිමි ධීවරයින් 24,282 කට භූමිතෙල් සහනාධාර හිමිවෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව භූමිතෙල් ලීටරයකට රුපියල් 57 බැගින්  වන සහනාධාර මුදලක් සමෘද්ධි ලාභීන්ට ඔවුන්ගේ සමෘද්ධි මුදල් සමඟද ධීවරයින්ගේ සහනාධාරය ධීවරයින් එකඟවන ක්‍රමයක් යටතේ ද ලබාදෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.