සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමියන්ට මුදල් අමාත්‍යාංශයෙන් පණිවිඩයක්


සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට අදාළ බලපත්‍ර භාවිත කර ඔවුන්ගේ කැමැත්ත පරිදි මෙරට ලියාපදිංචි නොකළ මෝටර් රථ සහ කැබ් රථ මිලදී ගත හැකි යැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අදාළ බලපත්‍රයෙන් ලබා දී තිබෙන බදු සහනය සහ ඊට සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළෙඳපොළ මිලකට මෙරට ලියාපදිංචි නොකළ මෝටර් රථ/කැබ් රථ මිලදී ගත හැකි යැයි ද ඊට අදාළ 01/2020 දරන 2020.08.28 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය ප්‍රසිද්ධියට පත් කර ඇතැයි ද මුදල් අමාත්‍යාංශය කියයි.

එහි සඳහන් විධිවිධාන අනුව වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලය ලත් වාහන අලෙවි නියෝජිතයකු, එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කළ වෙළෙඳපොළ මිලකට මෙරට තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථයක් මිලදී ගැනීමට හැකියාව පවතී.

055