
(රේඛා තරංගනී ෆොන්සේකා)
කොරෝනා වයිරසයයෙන් නිරෝධායන පවුල්, අඩු ආදයම්ලාභී පිරිස් මෙන්ම ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට බෙදා දීමට නියමිත රුපියල් 5000 සහනමලු සැකසෙන රත්මලාන මෙගා සතොස ආයතනයේ නීරික්ෂණ චාරිකාවකට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය.
දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් හා විවිධ සංවිධාන වල සහයෝගය මත, හුදකලා කර ඇති ප්‍රදේශ වල හා මේ දිනවල සතොස අලෙවිසැල් ජාලය හා දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම සහන මලු බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සතොස අලෙවිසැලෙහි කාර්ය මණ්ඩලයත්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් පිරිසත් එක්ව එම සහන මළු සකස් කිරීම සිදු කෙරෙන අයුරු එහිදී අමාත්‍යවරයා නිරීක්ෂණය කළ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.



