සහන කඩිනම් කිරීමට ජනපතිගේ ප්‍රධානත්වයෙන් කළුතරදී රැස්වීමක්


විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27)   කඑතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.


මෙම රැස්වීමට ඇමතිවරු පස්දෙනෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුද කඑතර දිස්ත්‍රික් ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුඑ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.