චමිල් රූපසිංහ
අන්සතු කෙඩ්‍රිට් කාඩ්පතක් භාවිතා කරමින් රුපියල් 10,000 ක භාණ්ඩ මිලදී ගත් සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරියකට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ඊයේ (26) නියෝග කළේය.
අදාළ සැකකාර ගුරුවරිය සිසිටීවී දර්ශන මගින් පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම ගුරුවරිය එම මුදල් භාවිතා කර ඇද ඇතිරිලි පහක් හා සාරි දෙකක් මිලදී ගෙන ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ ගුරුවරියක් තමන්ගේ කෙඩ්‍රිට් කාඩ්පත පසුගිය 20 වැනි දා නැතිවු බවත් පස්වරුවේ දී තමාගේ ජංගම දුරකථනයට රුපියල් 10,000 ක් අර ගත් බවටත් මහනුවර වෙළඳසැලක නමකින් තමන්ට පණිවුඩයක් ලැබුණු බවයි.
එවිට තමන්ගේ අත් බෑගය නිරික්ෂණය කරද්දී කෙඩ්‍රිට් කාඩ්පත නැතිවී ඇති බව දුටු බවත් ඒ සම්බන්ධව පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබේ.
ඉන්පසු පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද කල්දේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරික්ෂණ සිදුකර එහිදී බැංකු කාඩ් භාවිතා කර මුදල් යෙදවීමේදී දුරකථනයට ලැබුණු පණිවුඩය මත භාණ්ඩ මිලදී ගත් වෙළඳසැලට ගොස් සීසීටීවි දර්ශන නිරික්ෂණය කිරිමේදී කාඩ්පත නැතිවු ගුරුතුමිය විසින් කාඩ්පතෙන් මුදල් ගනුදෙනු කළ ගුරුවරිය හඳුනාගෙන ඇත.
එහිදී ඇයව පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කරන අවස්ථාවේදී කාඩ්පතක් වැටී තිබෙනු දුටු බවත් එය තමන් ඇහිද ගත් බවත් තමන් නොදැන කර වරදක් බවත් පොලිසියේ දී පිළිගෙන තිබේ.