සසර සයුර තරණයට සැරැසේ


රිදීමාලියද්ද කඳුබැද්දේ ටැම්ගොල්ල පුරාණ විහාරයේ පලඟැටියන්වෙළ ගුණරතන හිමියෝ (79) වසර නවයකට පෙර තම සොහොන් කොත ද පෙට්ටිය ද තම අතින්ම හදාගෙන  ඕනෑම මොහොතක මරණයට සූදානමින් සිටිති. අපවත්වූ පසුව විසිහතර පැයකින් අවසන් කටයුතු කරන ලෙස ද සැරැසිලි නොකරන ලෙස ද, අපවත්වූ බව ප‍්‍රසිද්ධ නොකරන ලෙස ද, ඒ හිමියන්ගේ අන්තිම කැමැති පත‍්‍රයේ ලියා ඇත. එය ද රාමුකැර තිබේ.