විනීතා එම් ගමගේ
සෞදි අරාබි හාම්පුතා විසින් ත්‍යාගයක් ලබා දීම සඳහා සොයමින් සිටි ලාංකික සේවයකයා කාර්යංශය වෙත ඉදිරිපත් වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
මීට වසර 20 කට පෙර සෞදියේ සේවය කළ මොහමඩ් සිසාන් හමීඩ් ලෙබ්බේ මහතා මෙසේ කාර්යංශය වෙත ඉදිරිපත් වී ඇත්තේ ඔහුගේ සෟදි හාම්පුතා ගේ පුතු ඔහු පිළිබඳ සොයමින් සිටින බවට කාර්යංශය මඟින් කළ මාධ්‍ය ප්‍රචාරයන් අනුවය.
මොහෙමඩ් සිසාන් හමීඩ් ලෙබ්බේ මහතාගේ සෞදි අරාබියේ රැකියාවේ නියුතු නිවසේ හාම්පුතා විසින් සිය අන්තිම කැමති පත්‍රය අනුව ඔහුගේ වත්කම් වලින් කොටසක් ලබා දෙන ලෙස සදහන් කර තිබු බැවින් මෙසේ ඔහු සොයා දෙන ලෙස තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට අනුව කාර්යංශය මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
කුරුණෑගල පදිංචි මේ පුද්ගලයාට හිමි මුදල් ඉදිරියේ දී සෞදි තානාපති කාර්යාලය හරහා මෙරටට ගෙන්වා ඔහුට ලබා දීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් පවතින බව එහි ආරංචි මාර්ග කියයි.