කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් කඩාවැටුණු පුද්ගලික අංශය ශක්තිමත් කිරීම සඳහා සෞදි රියාල් බිලියන 50ක් හෙවත් ඇමෙරිකන් ඩොලර් 13.3ක් වෙන්කර ඇති බව සවුදි රජය පවසයි.
ඒ අනුව වාණිජ, කාර්මික හා කෘෂිකාර්මික කටයුතුවලට සමාගම්වලට විවිධ ආකාරයෙන් උපකාර කිරීමට රජය පියවර ගෙන ඇත.
කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අර්බුදයට ලක්ව තිබෙන කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සහ ආර්ථිකයේ අනිකුත් කොටස් ඉලක්ක කරගනිමින් සකස් කරන ලද මෙම සහන සැළසීමේ ව්‍යාපෘතිය සලමන් රජු විසින් බදාදා (15) අනුමත කර තිබේ.
එහි එක් පියවරක් ලෙස රජයට 51%ට වඩා කොටස් හිමි සමාගම් දේශීය වෙළෙඳ පොළට වැඩි සළකිල්ලක් දැක්විය යුතු බවත් එම සමාගම් රටේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර කෙරෙහි වැඩි සැළකිල්ලක් දැකිවිය යුතු බව ද රජය ප්‍රකාශ කරයි.
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල කාර්මික හා වාණිජ අංශවල මාසික විදුලි බිල්පත්වලින් 50% ප්‍රමාණයක් ගෙවීමට 2021 වර්ෂයේ පළමු මාස හය දක්වා සහන කාලයක් ලබාදීමට ද සෞදි රජය පියවර ගෙන ඇත.
ඊට අමරතව අප්‍රේල්, මැයි මාස වල විදුලි බිල්පත් සඳහා සියයට 30ක වට්ටමක් ද ලබා දෙනු ඇත.
පොදු ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී ඇති ප්‍රවාහන ක්ෂේත්‍රයේ ස්වාධීන සේවකයන්ගේ අවම වැටුප් ගෙවන බව ද සෞදි රජය නිවේදනය කර තිබේ.
මුදල් අමාත්‍ය සහ වැඩබලන රාජ්‍ය අමාත්‍ය මොහොමද් බින් අබ්දුල්ලා අල්-ජදීන් පවසන්නේ පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සඳහා සහායවන අයටත් මේ සියලු සහන හිමි බවයි.
මේ සියලු සහන සැපයීම සඳහා සෞදි රියාල් බිලියන 70කට වඩා වැඩිමුදලක් වැයවනු ඇතැයි ගණනය කර ඇත.
සෞදි අරාබියේ කොවිඩ් 19 රෝගීන් 5800ට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර මරණ 79ක් සිදුව ඇත. පුද්ගලයන් 930ක් මේ වනවිට සුවය ලබා සිටියි.
(085)

