සව්නේ දා ලංකාවට


බුදුරජාණන්වහනසේ ගේ ශ්‍රි සර්වඥ ධාතුන් වහන්සේ මියන්මාරයේ සිට අද (29) මධ්‍යම රාත්‍රියේදි ශ්‍රි ලංකාවට වැඩම කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පකිස්ථානයේ ගන්ධාර දේශයෙන් මේ ධාතු සොයා ගැනිණි.

තායි ගුවන් සේවයේ ටී.ජි.307 දරණ ගුවන් යානයෙන් වැඩම කෙරෙන මෙම සර්වඥ ධාතුන්වහන්සේ සමඟ මියන්මාරයේ නයනා වුන් තා හිමි ප්‍රමුඛ දූත පිරිසක්ද පැමිණෙන අතර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඔවුන් පිළිගැනීමට නියමිතය.

 වෙසක් පොහොය නිමිත්තෙන් මැයි මාසයේ දිවයින පුරා ස්ථාන 19කදී මෙම මියන්මාර් සර්වඥ ධාතුන්වහන්සේ ජනතාවට වැඳපුදා ගැනීමට කටයුතු සුදානම් කර ඇති බවත්, මියන්මාර් ශ්‍රි ලංකා ද්විපාර්ශික සබදතා යටතේ මෙරට බෞද්ධ බැතිමතුන්ට මෙම අවස්ථාව ලැබුණු බවද විදේශ අමාත්‍යංශය කියයි.